
අවයව නලියන හැගීම් වලට
ප්‍රේමය යැයි නොකියමි ...
පපුවටම දැනෙන
ඉකිලෙන මොහොතකට
ප්‍රේමය යැයි සිතමි...
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රිදීමය නොලී කවියක් තිබිය හැකි වෙද නුඹ මගේ හුස්මක් වගේමය.
අවයව නලියන හැගීම් වලට
ප්‍රේමය යැයි නොකියමි ...
පපුවටම දැනෙන
ඉකිලෙන මොහොතකට
ප්‍රේමය යැයි සිතමි...
සමහර වෙලාවට අපිට
දැනෙන තනි කම
පිටට නොපෙන්නුවට
අපි ලඟින්
කොච්චර මිනිස්සු හිටියත්
හිතින් අපි තනි වෙලා කියල
දැනෙනව...
හිතේ තියෙන සමහර දේවල්
හිත ඇතුලෙ
හිර කරගෙන
හැඟීම්,
බැදීම් ,
රිදීම්, අතර
අපි හිර වෙලා...
මිනිස්සුන්ට උන්ගෙ
හිතේ තියෙන පීඩනය
වැඩී
හැමෝටම එහෙමයි
මේක අමාරුම කාලයක්...
ඇත්ත,
හැමෝගෙම හිත්
බැදීම් ලඟ හිර වෙලා
හැමෝම ඉන්නෙ මොකක්ම හරි
අවුලකින්...
ජීවිතය විඳින්න
ගෙවෙන මේ මොහොත තමයි සුන්දරම
දුකක් උනත් සතුටක් උනත්
සතුටින්ම විඳින්න
මොකද අපිට
නඬත්තු කරන්න
ලොකු කාල සීමාවක්
ඉතුරු වෙලා නෑ...
නිසදැස් පිටුව
සමහර හිත් තියෙනව
කොයි තරම් දුරක හිටියත්
හැම තත්පරේකම
මතක් වෙන...
අයිතියක් තිබුනත් නැතත්
ලඟින් හිටපු ටික කාලෙක
මතක ගොඩක්
හිතේ අහුරගෙන...
ඒ මතක අස්සෙන් චූටි හරි
සැනසීමක් හොයන...
පපු කැවුතු පුරාවටම දැනුන
ලෝබ කමින් හිත පුරවගත්ත
සමහර මතක
තාමත් එහෙමමයි...
අඩුම තරමෙ එකම එක
කෙටි පණිවිඩයකින්
මුළු හිතම පුරවගන්න...
හැම කෙනාවම
හිතට දැනෙන්නෙ නෑ...
දැනුන තැන්
ලෙසියෙන්
අතාරින්නත් බෑ...
හැමෝටම තියෙනව
හිමි වෙච්ච හෝ
අහිමි වෙච්ච...
කාටවත් කියාගන්න බැරි
එකම එක රහසක්...
කියාගන්න බැරි තරමටම දැනිච්ච.....
නිසදැස් පිටුව
මලක හැඩට වශී වෙලා
නටු අතරින් ඉගිල්ලිලා
මල නොදැක්ක ඹඹර රංචු
කටු පදුරට තුරුළු වෙලා...
මල් පෙති මත පිණි ඉහිලා
රේණු උනත් තිගැස්සිලා
රොනට ඇදුණු සමනලයෙක්
සුමුදු මලට හාද වෙලා...
පෙති අතරින් පියා සලා
කොපුල් වලට හාදු තියා
හමන සුලඟ සුවඳ තියා
මල නොතලම දුරට වෙලා...
මලක මෙලෙක දැනුනු නියා
බලා හිදිමි දුරක තියා
පිපුන දිනෙක සුවඳ දියන්
සුලන් රොදට හාද වෙලා...
නිසදැස් පිටුව
කැඩිච්ච උං ඉන්නවද
අර මං කලින් කියපු එක මේ
කාලයක් ගත උනත්
පපුවකට රිංගා
හිමි කමක් නැති උනත්
ප්‍රේමයක් වින්දා
ලං වෙන්න බැරිම විට
පපුවකට රිද්දා
කඩුව ගත් මම තමයි
නාටකයෙ වැද්දා...
පොසොන් පොහොය දින හොල්මන් ගුහාවක් සදහා යටිගිරියෙන් කෑගැසීමට ඇහැකි රූමත් තරුණියක් අවශ්‍යයි